අය්යාගේ දුරකතනයට ආව කෙටි පණිවුඩ දුටු මල්ලීට අම්මාගෙන් ලැබුන පිළිතුර


අය්යාගේ දුරකතනයට ආව කෙටි පණිවුඩ දුටු මල්ලීට එහි අරුත් වටහා ගත නොහැකිව එය අම්මාගෙන් විමසීමට සිත් විය.එම සංවාදය මෙසේ ගෙත්තම් විය.

මොනවද අම්මේ අකුරු ජාතියක්
අය්යගේ ෆෝන් එකේ කියලා
කවුරුද අම්මේ මේවා ලියන්නේ
ආදර මගේ පැටියෝ කියලා

පුතා දන්නේ නෑ යෞවන කාලෙට 
කෙල්ලෝ කොල්ලෝ හරි වැඩ කරති
හමුවෙන අය පෙම් කතා කියද්දී
බැරි අය එස් එම් එස් කරති

මේ වගේ ලස්සන මෙසේජ් අපිට නෑ
කොහෙන්ද ඒවා සෙන්ඩ් වෙන්නේ
කොහොමද අම්මේ මේවා එවන්නේ
මට නැහැ මොකවත් තේරෙන්නේ

ඉර පායනකොට ඉර බැස යනකොට
වැඩිපුර එස් එම් එස් එන්නේ 
අය්යගේ ෆෝන් එක සයිලන්ට් හින්දා 
ඒවා කෙරෙන්නේ හොර රහසේ


EmoticonEmoticon